ඇසීම (hearing) සහ සවන් දීම (Listening)
ශ්‍රවණය යනු, ශ්‍රවනේන්ද්‍රිය හරහා ශබ්ද තරංග ප්‍රතිග්‍රහණය කිරීමේ ක්‍රියාවලියයි. මෙම ශ්‍රවණ ක්‍රියාවලිය දෙආකාරයකට සිදුවේ. එනම් ඇසීම (Hearing) සහ සවන් දීම (Listening) යනුවෙනි. ඇසීම (Hearing) යනු ඔබේ ශ්‍රවණේන්ද්‍රිය හරහා ශබ්ද තරංග ප්‍රතිග්‍රහණය වීමේ නිරුත්සාහක ක්‍රියාවලියකි. එය ශාරීරික ක්‍රියාවලියක් වන අතර, ඔබට ශ්‍රවණ ගැටළුවක් නොමැති නම් එය ස්වයංක්‍රීයව සිදු වේ. ඇසීම සහ සවන් දීම අතර වෙනස රෝලන්ඞ් බාත්ස් (බාත්ස්, පි. 245) විසින් හඳුන්වන්නේ, “ඇසීම යනු භෞතික විද්‍යාත්මක සංසිද්ධියකි; සවන් දීම යනු මානසික ක්‍රියාවලියක්” යනුවෙනි. අප නිරන්තරයෙන් ‘ඇසීම’ සිදුකරන්නේ, බොහෝ විට උප විඥානයේ සහායයෙනි. ‘සවන්දීම’ නිරන්තරයෙන් තේරීම අනුව සිදු කෙරේ. යමෙකු අසන දෙයක අර්ථය අවබෝධ කරගැනීම, අර්ථ නිරූපණ ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැක. කෙසේ වෙතත්, සවන් දීම (Listening) සඳහා ඊට වඩා වැඩි යමක් කිරීමට සිදුවේ. ඵලදායී සන්නිවේදන කාර්යයක් සඳහා සවන්දීම අත්‍යවශ්‍යය වේ. එම ක්‍රියාවලියට මානසික සහ ශාරීරික ද්වී අවධානය යොමු කළ යුතු වේ. නිවැරදි සවන් දීමකින් තොරව පණිවිඩය අර්ථවත්ව වටහා ගත නොහැකිය. සවන් දීම යන්නෙන් අදහස් කරන්නේ කථිකයාගේ භාෂණය වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ඔහුගේ හැසිරීම වැනි දේ නිරීක්ෂණය කිරීමයි. සවන් දීමේදී කථනයේ ශබ්දය හඳුනා ගැනීම සහ ඒවා වචන සහ වාක්‍ය බවට සැකසීම සිදුවේ. අප සවන් දෙන විට, ඒකභාවී ශබ්ද (අකුරු, ආතතිය, රිද්මය සහ විරාම) ලබා ගැනීමට අපගේ ශ්‍රවනේන්ද්‍රිය භාවිතා කරන අතර එම ශබ්දය පණිවිඩයක් බවට පරිවර්තනය කිරීමට අප මොළය භාවිතා කරමු. සවන්දීමේ ක්‍රියාවලිය යනු භාෂණයට පමණක් අවධානය යොමු කිරීම නොව; භාෂණයේ ස්වරූපය, භාෂාව සහ කටහඬ භාවිතා කිරීම, අනෙක් පුද්ගලයා ඔහුගේ හෝ ඇයගේ ශරීරය භාවිතා කරන ආකාරය කෙරෙහි අවධානය යොමු කිරීම දක්වාද දීර්ඝ වේ. එනම් වාචික හා වාචික නොවන පණිවිඩ පිළිබඳව දැනුවත් වීමයි. ඵලදායි ලෙස සවන් දීමට ඔබට ඇති හැකියාව රඳා පවතින්නේ ඔබ එම පණිවිඩය තේරුම් ගැනීිමට ඇති හැකියාව මතය. එනම් සවන්දීම පුරුද්දක් ලෙස නොකරන්නේ නම් ඔබේ මනසෙහි ශාබ්දික මතක කේතයන් විශේෂයෙන් තැන්පත් නොවේ. එසේ ශාබ්දික මතක කේතයන් තැන්පත් නොවන කල්හි ඔබට නිරන්තරව ඇසෙන ශබ්ද ඔබේ මනසට ආගන්තුක ශබ්දාවලියක් පමණකි.
‘සවන්දීම’ පියවර තුනකින් සිදුවන බව රෝලන්ඞ් බාත්ස් (බාත්ස් පි. 245) විග්‍රහ කරයි.
- අවධානය යොමු කිරීම (Alerting)
- ව්‍යාඛ්‍යාන ගත කිරීම (Deciphering)
- අවබෝධ කර ගැනීම (Understanding)
වශයෙනි. බාත්ස් විසින්, සවන් දීම සහ ඇසීම අතර වෙනස, ප්‍රථමයෙන්, ‘මනෝ විද්‍යාත්මක ක්‍රියාවක්’ ලෙසත්, දෙවනුව ‘භෞතික විද්‍යාත්මක සංසිද්ධියක්’ ලෙස විග්‍රහ කරයි. බාත්ස්ට අනුව පළමු ආකාරයේ සවන්දීම සත්වවාදී (Animalistic) හෙවත් ශ්‍රවණය සඳහා සත්ත්වයා යොමුවන සහ ප්‍රතිචාර දැක්වීම යන කාරණයන්හි දී ඇතිවන ශාරීරිකව අභ්‍යන්තර සහ බාහිර ක්‍රියාවලියයි. එනම් මිනිසා සහ සත්වයා දෙදෙනාම ශ්‍රවණ ක්‍රියාවලියේදී අනුගමනය කරන්නේ එකම පිළිවෙතක් බවයි.
එනම්, පළමු පියවර වන (Alerting), යනු ශබ්ද සංඥාව සඳහා පරීක්ෂාකාරී වීම නැතහොත් අවධානය යොමු කිරීමයි. මෙයට නිදසුනක් ලෙස බාත්ස් දක්වන්නේ, මව නැවත නිවසට පැමිණෙන ශබ්දය එනතෙක් බලා සිටින දරුවෙකුගේ අවස්ථාවකි. මෙහිදී දරුවා තම මවගේ ප්‍රවේශය සනිටුහන් කරන ශබ්ද සංඥාව (උදා. අඩි ශබ්දය, යතුරු ශබ්දය, දොර විවෘත කිරීම ආදිය) ලැබෙන තෙක් බලා සිටී. එනම් දරුවා විසින් බාහිරින් ඇසෙන අඩි ශබ්දය සඳහා තම අවධානය යොමුකිරීමයි.
දෙවන පියවර ලෙස ව්‍යාඛ්‍යාන ගත කිරීම (Deciphering), හෙවත් ශබ්දය අර්ථ නිරූපණය කිරීමේදී රටා හඳුනා ගැනීමයි. එනම් ශබ්දයෙහි ඇති අර්ථය සොයා ගැනීමයි. එනම් කේතයන් හරහා, එය ව්‍යාඛ්‍යාන ගත කිරීමයි. මෙම ආකාරයේ සවන්දීම භෞතික විද්‍යාත්මක (Physiological Faculties of Hearing) කියවීමෙන් ඔබ්බට විහිදේ. ශබ්දය හඳුනා ගැනීම යනු එම ශබ්දය මනස විසින් පූර්වයෙහි තැන්පත්ව ඇති කේතයන් සමඟ සසඳා ව්‍යාඛ්‍යාන ගතකිරීමයි. කේතයන් යනු අප මනසෙහි පූර්වයෙහි තැන්පත්ව ශාබ්දික මතකයන්ය. කුඩා කල සිට ඇසෙන ශබ්ද කේතයන් බවට පරිවර්තනය වී මතකයෙහි තැන්පත් වේ. ඉන්පසු ජීවිතයේ විවිධ අවස්ථාවන්හිදී එම ශබ්ද නැවත ඇසෙන විට මනස විසින් එම ශබ්ද පූර්ව කේතයන් සමග සසඳා අර්ථ නිපදවයි. උදාහරණ ලෙස කුඩාකල අපගේ මතකයෙහි තැන්පතු වන මවගේ හඬ ජීවිතයේ ඕනෑම මොහොතකදී එම හඬ ශ්‍රවණය වූ විට හඳුනා ගැනීමට සමත් වේ. එම ආකාරයටම මත්කයෙහි තැන්පත් වූ පාරිසරික ශබ්ද ලෙස බල්ලෙකුගේ හෝ කුකුලෙකුගේ හඬද ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී නිවැරදිව එම සත්වයා හඳුනා හඳුනාගැනීම සඳහා අප භාවිතා කරනු ලබන ලබයි. එසේම යමෙකුගේ නිවසෙහි ඔවුනට හුරුපුරුදු නොවන ශබ්දයක් (උදා. දොරක්, බිම් පුවරුවක්, හෝ කැඩුණු කවුළුවක්) නිවසේ පදිංචිකරුවාට සිදුවිය හැකි අනතුර ගැන අනතුරු අඟවයි. සංඥාව, භාෂාව නියෝජනය කරන අතර එහි ප්‍රථිඵලයක් වශයෙන් ඇසීමෙන් ස්වායක්තව සවන්දීම සම්පූර්ණයෙන්ම මානසික ක්‍රියාවලියක් බවට පත්වේ. බාත්ස්ට අනුව, සවන් දීමේ මානව හැකියාවන් ආරම්භ වන්නේ මෙතැන් පටන්ය. ඔහු විසින් “මිනිසා මූලික වශයෙන් සත්වයාගෙන් වෙන් කොට හඳුනාගැනීම” යන්න ‘හිතාමතාම රිද්මය ප්‍රතිනිෂ්පාදනයක්’ ලෙස හඳුන්වයි. රිද්මයේ පැවැත්ම සඳහා සවන් දීම බලපාන අතර එය හුදෙක්ම “අධීක්ෂණ කටයුත්තක් නොවේ“ යනුවෙන් ද පැහැදිලි කරයි.
Roland Barths |
බාත්ස්ගේ තුන්වන ආකාරයේ සවන්දීම, “තේරුම් ගැනීම” (Understanding) හෙවත් සවන්දෙන ශාබ්දික වස්තුව යනු කුමක්දැයි වටහා ගැනීම නැතහොත් අවබෝධ කර ගැනීම ලෙස සඳහන් කරයි. එනම් මවගේ පැමිණීම් බලා බලාපොරොත්තුවෙන් සිටින දරුවා මව විසින් දොර විවෘත කරන රිද්මය හඳුනාගැනීමත් සමඟ ඒ පැමිණෙන්නේ මව බවට තහවුරු කර තේරුම් ගැනීමේ පියවරයි. මනෝ විශ්ලේෂණයේ දී, අවිඥානක මනස අධ්‍යයනය කිරීමට මේ ආකාරයේ සවන්දීම වැදගත් වේ. එනම්, ‘හරියටම කථිකයා නොකියන දේ. ඔහුගේ ශරීරය විසින් දේශනයේ අන්තර්ගතයෙන් ඔබ්බට අවිඥානිකව ප්‍රකාශ කරන දේ’ අවබෝධ කර කරගැනීම යන්නයි. මෙවැනි වර්ගයේ ‘සවන් දීම’, ඉතා ගැඹුරින් අධ්‍යයනය කරන කළ ෆ්රෝයිඩියානු මනෝ විශ්ලේෂණවාදී පැහැදිලි කිරීම්වලට අනුව, බාත්ස් යෝජනා කරන්නේ තෙවන වර්ගයේ සවන් දීම යනු, ‘අවිඥානිකව එහි ක්ෂේත්‍රයට ඇතුළත් වන්නේ දේශනා මාතෘකාවේ තේමාත්මක අර්ථය පමණක් නොවේ, කතාවේ ඇතුළත් යෙදුම්, ආකෘතිය, ව්‍යංගයෙන් පවසන දේ, ඌනපූර්ණ වශයෙන් පවසන දේ, කථිකයාගේ රිද්මය, යතිය, ස්වර සංක්‍රමනය, හඬ උස් පහත් වීම’ ආදී වූ සමස්තය යන්නයි. අවිඥානික මනස අධ්‍යයනය කිරීමේදී මේ ආකාරයේ සවන්දීම වැදගත් වේ. අන්‍යයන්ට ඇහුම්කන්දීමෙහි දී, සවන්දෙන්නන් ඔවුන්ගේ විනිශ්චය අක්‍රිය කළ යුතු ආකාරය මේ ආකාරයෙන් විය යුතු බව බාත්ස් යෝජනා කරයි. මෙම සවන්දීමේ පියවර තුනම එකම තලයක ක්‍රියාත්මක වන අතර ඇතැම් විට සියල්ල එක්වරම ක්‍රියාත්මක වේ.
- Active Listening(සක්‍රීය ශ්‍රවණය)
- Passive Listening (නිෂ්ක්‍රිය ශ්‍රවණය)
අප එදිනෙදා ජීවිතයේදී කෙතරම් සක්‍රීය ශ්‍රාවකයෙකු Active Listener වන්නේද? මිෂෙල් චියොන් මෙය පැහැදිලි කරන්නේ, අප පාරිසරික ශබ්ද සම්බන්ධව කෙතරම් සවිඥානික වන්නේ ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමටයි. අංශක 360 ක ශාබ්දික වපසරියක පාරිසරික ශ්‍රවණය කිරීමේ හැකියාවක් අප සතුව ඇත. දැකීම හරහා අපට අංශක 360 ක වපසරියක් ග්‍රහණය කරගත හැකිද? එසේ කළ නොහැකි බව අප ප්‍රථමයෙන්ම වටහා ගත යුත්තේ ශ්‍රවණයෙහි ඇති පරිමාව හඳුනා ගැනීමෙනි. සක්‍රීය ශ්‍රාවකයා තම ශාබ්දික පරිසරයට සවිඥානිකව සවන් දෙයි. අප නිරන්තරව සක්‍රීය ශ්‍රාවකයන් විය යුතුය. වර්තමාන සමාජයේ ශ්‍රාවකයන් බොහෝවිට නිශ්ක්‍රීය ශ්‍රාවකයන්වේ (Passive Listener). අප එදිනෙදා ජීවිතයේදී බොහෝ ඇහුම්කන් දෙන්නේ යම් කාර්යයක නියැළෙමිනි. එය ‘නිශ්ක්‍රීය ශ්‍රවණ ක්‍රියාවලියක්’ ලෙස හැඳින්විය හැක. කාර්යබහුල ජීවිතය නිරවුල් මනසකට ඇති ඉඩකඩ අහුරාලයි. සක්‍රීය ශ්‍රාවකයා සියයට සීයක්ම ශ්‍රවණය සඳහා මනස සූදානම් කරගනී. එසේ සූදානම් නොවූ මනසක් ශ්‍රව්‍ය කරුණු ග්‍රහණය කරගන්නේ අඩුපාඩු සහිතවය. යමක් ශ්‍රවණය කිරීම සඳහා නිරවුල් මනසක් සූදානම් කරගත යුතුය.
Michel Chion |
- Casual Listening (ආපාතික ශ්‍රවණය)
- Semantic Listening (අර්ථ විචාර ශ්‍රවණය)
- Reduced Listening (ඌනිත ශ්‍රවණය)
Casual Listening (ආපාතික ශ්‍රවණය) යනු එදිනෙදා පරිසරයේදී නිරුත්සාහකව අපට ඇසෙන ශබ්ද වේ. අප මහමග ගමන් ගන්නා විට හෝ වෙනත් අවස්ථාවකදී අපට ඇසෙන සියලුම ශබ්ද මේ ගණයෙහි ලා ගිනිය හැක. මෙහි විශේෂත්වය වන්නේ අප එම ශබ්ද පිළිබඳ යොමු කරනු ලබන අවධානයෙහි අසම්පූර්ණ බවයි. යම් ශබ්දයක් අපට ඇසෙන විට, එම ශබ්දය එන දිශාව පිළිබඳ හෝ එම ශබ්දය ඇතිවූ ආකාරය පිළිබඳ හෝ නැතහොත් එම ශබ්දය නිකුත්වන ස්ථානය පිළිබඳ අප සාමාන්‍යයෙන් අඩු අවධානයක් යොමු කරනු ලබයි. එබැවින් අපට ඇසෙන ශබ්දය පිළිබඳ අප විශේෂ අවධානයකින් රහිත වෙයි. එය ආපාතික ශ්‍රවණය නම් වේ.
මේ සඳහා උදාහරණ ලෙස සිනමා කෘතියක ශබ්ද පටය දැක්විය හැක. මන්දයත් සිනමා කෘතියක, සංගීතය ශබ්ද ප්‍රයෝග දෙබස් ඇතුළු නොයෙකුත් ශබ්ද මුසුකොට ඇත. එහි දී අපට ඇසෙන්නේ කෘතීමව මිශ්‍රණය වූ ශබ්ද පටයක් මිස වෙන් වෙන් වූ ශබ්ද නොවේ. මෙය ශබ්ද පටයේ ගැටලුවක් නොවන අතර අපට ස්වභාවික පරිසරයේ දී ඇසෙන ආකාරයෙන් වෙන් වෙන්ව හඳුනා ගත නොහැකි ආකාරයට මිශ්‍ර කිරීම එහි නිර්මාණාත්මක භාවිතාවකි. මන්දයත් සිනමා තිරය මත දිගහැරෙන්නේ එදිනෙදා අප ගත කරන ජීවිතයන්හි සියුම් ඉසිඹුලන අවස්ථා වන බැවින් එම සෑම මොහොතක්ම සම්මිශ්‍රිත වූ ශබ්දාවලියක් සහිත මොහොතකි.
සියගණනක් වූ මිනිස් කටහඬවල් අතරින් සුනඛයන්ට තම ස්වාමියාගේ කටහඬ හදුනාගත හැකි බවක් පෙනෙන්නට තිබුණද, දෙඇස් වැසූ කළ ස්වාමියාට ඔහුගේම සුනඛයාගේ හඬ ඒ හා සමානව වටහා ගත හැකිද යන්න සැක සහිතය. ඒ අතරම, අප සමීපව දැන හඳුනා හඳුනා නොගත් ගුවන්විදුලි නිවේදකයෙකුගේ නම හෝ භෞතික ගුණාංග ගැන කිසිදු අදහසක් නොමැතිව අපට සවන් දිය හැකිය. එසේම අපගේ මතකයෙහි නිවේදකයාගේ කටහඬට අනුව ඔහුගේ හිසකෙස් වර්ණය, මුහුණේ ලක්ෂණ, නිරුත්සාහකව ඇතිවේ. මක්නිසාදයත්, පුද්ගලයාගේ රූපය රහිතව කටහඬ හඳුනා හඳුනාගැනීමත්, රූපය සහිතව මතකයේ ඇති කටහඬට ඔහුගේ හෝ ඇයගේ රූපය ගැලපීම යනු වෙනස් කාර්යයන් දෙකකි.
වෙනත් ආකාරයක ආපාතික සවන්දීමක දී අප හඳුනා නොගන්නේ අද්විතීය හා සුවිශේෂී අයිතමයක් නොව මානව, යාන්ත්‍රික හෝ සත්ව ගණයන් හි ලා ගිණිය හැකි ශාබ්දික වස්තූන්ය. උදාහරණ ලෙස වැඩිහිටි මිනිසෙකුගේ කටහඬ, යතුරුපැදි එන්ජිම, තණබිම් ගීතයක් දැක්විය හැක. තව ද, අපැහැදිලි අවස්ථාවන්හි දී යමෙකු සිතනවාට වඩා බොහෝ දෙනෙකු, අප හඳුනා ගන්නේ ශබ්දයේ හේතුකොට ගෙනය. උදාහරණ ලෙස “එය යාන්ත්‍රික දෙයක් විය යුතුය” (එහි ඇති රිද්මයට අනුව), “එය කිසියම් සතෙකු විය යුතුය“ හෝ “මිනිස් ශබ්දයක්“ විය යුතුය යනුවෙනි. වඩාත් නිශ්චිත හේතුවක් නොදැන ශබ්දයේ ස්වභාවය නැතහොත් එහි උත්පත්තියට බලපාන හේතුව එහි ලය අනුව තාවකාලිකව අනුමාන කළ හැකිය. එසේම හේතුකාරක වස්තුවේ ස්වභාවය අනුව අර්ථය හඳුනා නොගත්තද, අපට ශබ්දයේ ඉතිහාසය අනුමාන කළ හැකිය. නිදසුනක් ලෙස, සීරීමේ ශබ්දයක පරිණාමය (වේගවත් කිරීම සහ මන්දගාමී වීම ආදිය) සහ පීඩනයට, වේගයට හා විස්තාරයේ වෙනස්වීම් අපට දැනගත හැකිය. සිනමාවේ, ආපාතික සවන්දීම නිරන්තරයෙන් හසුරුවනු ලබන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය කොන්ත්‍රාත්තුව විසින්ම සහ විශේෂයෙන් සමමුහුර්තතාවයේ සංසිද්ධිය හරහාය. බොහෝ විට අප කටයුතු කරන්නේ ශබ්දවල සැබෑ ආරම්භක හේතු සමඟ නොව චිත්‍රපටය විසින් අපව විශ්වාස කිරීමට පොළඹවනු ලබන නිසාවෙනි.
පියරේ ෂාෆර් විසින් Reduced Listening හෙවත් ඌනිත ශ්‍රවණය, යන නාමකරණය මෙම ශ්‍රවණය සඳහා ලබාදෙන ලදී. එය ශබ්දයේ ගති ලක්ෂණ කෙරෙහි විශේෂිත අවධානය යොමු කරයිල එහි හේතුව සහ අර්ථයෙන් ස්වාධීන වේග විශේෂිත සවන් දීමේ දී ශබ්දය - වාචික සංගීත භාණ්ඩයක්, ශබ්දයක් හෝ වෙනත් ඕනෑම ශබ්දයක් පිළිබඳව නිරීක්ෂණයකින් සවන් දීමයි. ඌනිත සවන්දීම තරමක් උපදේශාත්මක අත්හදා බැලීමකිග ඌනිත සවන්දීමේහි දී ශබ්දයේ අන්තර්ගතයල එහි ප්‍රභවය සහ එහි අරුත ගැඹුරින් වටහාගත යුතුය. කිසිදු බලපෑමකින් තොරව එම ශබ්ද ශබ්දයන්හි ඇති අර්ථය සහ බලපෑම ස්වාධීනව විස්තර කිරීමට ශ්‍රාවකයාට පැහැදිලි කළ හැක. "මෙය තියුණු හඬක් නංවන උස් හඬක්” යැයි ඔබ පවසන නමුත් කුමන අර්ථයේ "මිරිකීමක්”ද?. රූපයක් පමණක්ද, නැතහොත් එය මිරිකන ප්‍රභවයක් හෝ අප්‍රසන්න බලපෑමක් ඇති කරන වචනයක් පමණද? වැනි ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට හැකි විය යුතුය.
ශබ්ද පිලිබඳ අවධානය යොමු කිරීම පුහුණු කළ යුතු හැකියාවකි. වර්ණාවලි විශ්ලේෂණයේ ආධාරයෙන් ශබ්දය වාස්තවික යැයි කියමින් වැළකී සිටිය හැකිය. විරාම ඔරලෝසු වැනි යන්ත්‍ර මගින් අල්ලා ගත හැක්කේ භෞතික දත්ත පමණි, ඒවායින් අපට ඇසෙන දේ නියමාකරව ගණනය කළ නොහැක. තුන්වන ආකාරයේ ශ්‍රවණයේදී ශබ්දය බාහිර හා පිටත ආත්මීය සාපේක්ෂතාවාදයට සම්බන්ධ වෙයි. මෙම චින්තනයට අනුව, සෑම පුද්ගලයෙකුටම ශ්‍රවණය මගින් වෙනස් දෙයක් ඇසෙන අතර, දැනෙන ශබ්දය සදාකාලිකවම නොදැන සිටියි. නමුත් සංජානනය තනිකරම නාමයක් නොවේ. මන්ද යත් එය එක්තරා ආකාරයක වාස්තවිකතාවයකට නැතහොත් සාමූහික සංජානනයකට සහභාගී වන බැවිනි.
ඌනිත ශ්‍රවණයේදී ශබ්දය විස්තරාත්මක ලෙස ශ්‍රවණ ල්ඛනයකින් ගන්නා ඒකීය ශ්‍රවණයක් ලෙස සම්පාදනය කළ නොහැක. මෙහිදී යම්කිසි කෙනෙකු ශබ්දයක් බොහෝ වාර ගණනක් සවන් දිය යුතු වන අතර, නැවත ශ්‍රවණය සඳහා ශබ්දය පටිගත කළ යුතුය. සෑම අවස්ථාවකදීම එකම ශබ්දය නිපදවීමට ඔබට නොහැකි බැවින් විශේෂයෙන් ගායකයෙකුට හෝ සංගීත වාද්‍ය ශිල්පියෙකුට එකම ගායනය හෝ වාදනය නැවත නැවත කළහැකි වුවත් ඒ හැම වාරයක්ම විශේෂ වාරයකි. ගායනයේ සහ වාදනයේ තාරතාවය විශේෂයෙන්ම මේ හැම අවස්ථාවකදීම වෙනස් වේ. මේ අනුව විශේෂිත සවන් දිමක දී ඉතා සියුම් ලෙස එම මොහොත ශ්‍රවණය සඳහා පටිගත වී තිබිය යුතුමය.
ඌනිත ශ්‍රවණ අවශ්‍යතා, යනු නව ඵලදායී හා දැඩි ස්වාභාවික ව්‍යවසායකි. එය ස්ථාපිත කුසීත පුරුදු වලට බාධා කරන අතර එය උත්සාහ කරන අයට පූර්වයෙහි අපේක්ෂා නොකළ ප්‍රශ්න ලෝකයක් විවර කරයි. අපි තානයක තාරතාව හඳුනාගත් විට හෝ ස්වරස්ථාන දෙකක් අතර අන්තර් අගයක් හදුනාගත් විට, අප සිදු කරන්නේ ඌනිත ශ්‍රවණයකි. ශ්‍රැතිය යනු ශබ්දයේ ආවේණික ලක්ෂණයකි, එය ශබ්දයේ හේතුව හෝ එහි අර්ථය වටහා ගැනීමෙන් ස්වාධීන වේ.
මෙහි සංකීර්ණ තත්වය නම් ශබ්දය එහි ශ්‍රැතිය මගින් පමණක් නිර්වචනය නොකිරීමයි. එයට තවත් බොහෝ ප්‍රත්‍යක්ෂ ලක්ෂණ ඇත. මෙහිදී බොහෝ පොදු ශබ්දවලට පවා නිශ්චිත ශ්‍රැතියක් නොමැත. එය එසේ වූවා නම්, සවන්දීම විශේෂිත කිරීම හොඳ පැරණි සාම්ප්‍රදායික සොල්ෆේජ් පුහුණුවකි. ශබ්දය සඳහා විස්තරාත්මක පද්ධතියක් සකස් කළ හැකිද? ෂේෆර් මෙය කළ හැකි බව පෙන්වූ නමුත්, ඔහුට හැකි වූයේ පසුබිම සැකසීම පමණි. ඔහු 'Treats musical object' නම් වර්ගීකරණ ක්‍රමයක් යෝජනා කළේය.
ඌනිත ශ්‍රවණය සහ ධ්වනි මානය පියරේ ෂාෆර් වඩා සරළව තේරුම් ගැනීමට ඉඩ සලස්වයි. ෂෝෆර් අවධාරණය කරන්නේ ධ්වනි මානය හෙවත් ශබ්දය උත්පත්තිය සහ එහි හේතුව නොදැක කෙනෙකුට ඇසෙන තත්වයක් මතම පිහිටා අර්ථ දැක්විය යුතු අතරම, අපගේ සවන්දීම එම තත්වය දක්වා වෙනස් කළ හැක්කේ කෙසේද යන්නයි. ධ්වනි ශබ්දය සාමාන්‍යයෙන් අපෙන් සැඟවී ඇති ශබ්ද ගති ලක්ෂණ කෙරෙහි අපගේ අවධානය යොමු කරවයි. මන්දයත් මෙම දර්ශනය ශබ්දයේ ඇතැම් මූලද්‍රව්‍යයන්ගේ සංජානනය ශක්තිමත් කරන අතර අනෙක් ඒවා අපැහැදිලි කරයි.
ඒ අතරම, ෂේෆර් සිතුවේ ඌනිත ශ්‍රවණය නැතහොත් විශේෂිත සවන්දීම මඟින් ශබ්දයේ වියමන, ස්කන්ධය සහ ප්‍රවේගය සවිඥානකව වෙන් වෙන්ව සවන්දිය හැකි තත්වයක් දක්වා ශ්‍රවණ හැකියාව වර්ධනය කිරීමයි. ශබ්ද විකාශන යන්ත්‍රයකින් ඇසෙන
ශබ්දයකට ශ්‍රාවකයා, “ඒ කුමක්ද?” යනුවෙන් විමසීමත්, “මෙම ශබ්දය ඇතිවීමට හේතුව කුමක්ද?“ යනාදී වශයෙන් සහ ඊට හේතුව හඳුනා ගැනීමට උපකාරී වන සියුම් හෝඩුවාවන් (වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීම මඟ හැරිම උදෙසා) වෙත අනුගත වීම වැදගත් වේ. පටිගත කරන ලද ශබ්දයන්ට අපි අවධානයෙන් ඇහුම්කන් දෙන විට, එම මාධ්‍යයෙහි ඇති ප්‍රතිලාභයක් ලෙස එක හඬක් නැවත නැවත ඇසීම නිසා, එම හඬෙහි ඇති ආවේණික ගතිලක්ෂණ වඩාත් නිවැරදිව වටහා ගැනීමට අපට ඉඩ සලසයි.
පළපුරුදු ශ්‍රාවකයකුට ආපාතික ශ්‍රවණය සහ ඌනිත ශ්‍රවණය අතර පැහැදිලි වෙනසක් හඳුනාගත හැකිය. ශබ්දය සඳහා විශේෂයෙන් අවධානය යොමු කිරීමට අපව පොලඹවනු ලබන සාධකය කුමක්ද? එනම් මෙය ‘X’ හි ශබ්දය බව දැන ගැනීමෙන් තමාට සහ තමන් තුළම එම ශබ්දයට ඇති අර්ථය සමඟ ගළපා ගැනීමෙන් පසු එය කෙබඳු ආකාරයක ශබ්දයක්දැයි ගවේෂණය කොට එහි අර්ථ සම්බන්ධ විග්‍රහයක් දක්වා යා හැකිය.
චියොන්ගේ ෂේෆෙරියන් ධ්වනි ශබ්දය ශීර්ෂ තුනක් යටතේ සාරාංශ ගත කළ හැකිය. තාක්‍ෂණය, සංවේදකයේ බෙදීම සහ ඌනිත ශ්‍රවණය පුරාණ හා නවීන තාක්‍ෂණයන්හි (පයිතගරස් වැස්ම, වාස්තු විද්‍යාත්මක තිරය, ටේප් රෙකෝඩරය, ශබ්ද විකාශන යනාදිය). ෂේෆෙරියානු සම්ප්‍රදායේ ඇති ධ්වනි අත්දැකීම්වල පරමාර්ථය නම්, චියොන් පවසන පරිදි, “අපට ඇසෙන ආකාරය වෙනස් කිරීම”, ශබ්දයේ ප්‍රභවයෙන් (දෘශ්‍යමය හෝ වේවා) අවධානය යොමු කර එහි සහජයෙන්ම ඇසෙන ගුණාංග වෙත යොමු කිරීමයි. ශබ්දයේ ප්‍රභවය එහි ශ්‍රවණ බලපෑම් වලින් වෙන් කොට ඇති අතර එමඟින් දෙවැන්න වෙන වෙනම අධ්‍යයනය කිරීමට, රූප විද්‍යාත්මක කාණ්ඩවලට හෝ ක්‍රමානුකූලව සංගීත සංයුතියට ඒකාබද්ධ කිරීමට හැකි වේ. ඉන්ද්‍රියන් වෙන් කිරීම හිතාමතාම වන අතර එය සෞන්දර්යාත්මකව අගය කරන ලද සොනික් ආචරණයන් කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම සඳහා සොනික් ප්‍රභවය බැහැර කිරීමේ ක්‍රමයකි.
ඌනිත ශ්‍රවණය Reduced Listening සහ සංගීතය රසවින්දනය
ඌනිත ශ්‍රවණය සහ සංගීතය රසවින්දනය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවයකි. සංගීතය රසවින්දනය යනු ප්‍රථමයෙන්ම සංගීත කෘතියක ඇති භාණ්ඩ සංයෝජනයය හඬ භාවිතය ඇතුළු ඉතා සියුම් භාවිතාවන් සම්බන්ධව ඉතා දියුණු ආකාරයකින් ශ්‍රවණය කිරීමයි. මෙහිදී සංගීත් කෘතියක ඇති අන්තර්ගතය සේම සංගීත් ශෛලීන් නැතහොත් සම්ප්‍රදායන් අතර වෙනස පැහැදිලිව දැකිය හැකි ත්ත්වයක් කරා තම ශ්‍රවණ පරාසය පුළුල් වේ. මෙහිදී සංගීතය පිලිබඳ න්‍යායික දැනුමක් අවශ්‍ය වේ. එසේ නොමැතිව නියමාකාර රසවින්දන ක්‍රියාවලියක නිරත විය නොහැක.සංගීත ස්ථර වලින් සවන් දීම හෙවත් සවිචාර ශ්‍රවණය
සක්‍රීය ශ්‍රාවකයෙකු වීමට උචිත ක්‍රමවේදය වන්නේ එකම සංගීත නිර්මාණය කිහිප වතාවක් සවන් දීම සහ එක් එක් වර වෙනස් වෙනස් පරාමිතියක් කෙරෙහි අවධානය යොමු කරමින් සවන් දීමයි.- ශබ්දය Sound - සංගීතයේ රිද්මිය ලක්ෂණ මොනවාද? භාවිතා කරන සංගීත භාණ්ඩ මොනවාද? වියමන (ස්වර සහ රිද්මිය පරතරයන්) යනු කුමක්ද? ඔබ හඳුනා ගන්නා නිශ්චිත නිර්මාණ ක්‍රම තිබේද (ඔබේම හෝ වෙනත් සංගීතයෙන්)? සංගීතය විසින් යෝජනා කරනු ලබන කුමන ආකාරයේ ධ්වනි “අවකාශයක්”ද?
- ප්‍රසංවාදී නැතහොත් සමස්වරත්වය (Harmony) - ගීතයේ ඇති ශ්‍රැති මුද්‍රාව කුමක්ද (ඇත්නම්)? භාවිතා කරන ගීතය හෝ සංගීත නිර්මාණය කුමක්ද? ස්වරසංඝාතයේ ප්‍රගතියක් තිබේද, නැතහොත් එය කොටසේ සිට කොටස දක්වා වෙනස් වන්නේද? (අවමවාදී හෝ පර්යේෂණාත්මක සංගීතයක මෙන්) ප්‍රසංවාදී නැතහොත් සමස්වරත්වය මතුකරන හැඟීමෙහි ස්වභාවය කුමක්ද?
- තනු නිර්මාණය (Melody) - තනු නිර්මාණයෙහි සිදුවන්නේ කුමක්ද? එයට පුළුල් හෝ පටු ස්වර පරාසයක විහිද තිබේද? පියවරෙන් පියවර ගොඩනඟන ආකාරය, චලිතය වැඩි වශයෙන් සෙමිටෝන එකක් හෝ දෙකකින්? තනු නිර්මාණය කර ඇත්තේ සංගීත භාණ්ඩයක් හෝ කටහඬක් පෙරුකොටගෙනාද? කිසියම් අවම හෝ පර්යේෂණාත්මක සංගීතයක මෙන් පැහැදිලි තනු නොමැති නම්, තනු නිර්මාණය වෙනත් ආකාරයකින් ගම්‍ය වේද?
- රිද්මය (Rhythm) - සිදුවීම් කෙටි කාලයක් තුළ බාර්එකක් හෝ ස්වරසමූහයක් ලෙස බෙදා හරිනු ලබන්නේ කෙසේද? රිද්මය පුනරාවර්තනය වන රටා තිබේද, නැතහොත් රිද්මයානුකූල අභිනයන් සිදුවන්නේ එක් වරක් පමණක්ද? රිද්ම සහ ලයමානය පැහැදිලිව හඳුනාගත හැකිද, නැතහොත් සංගීතය නිදහස් හා රිද්ම රහිතද? රිද්මයට වැඩිපුරම බලපාන සංගීත භාණ්ඩ මොනවාද? අඩු රිද්මයානුකූල සංගීත භාණ්ඩ සංයෝජනය කෙබඳුද?
- ආකෘතිය (Form) - ගීතය හෝ සංගීත නිර්මාණය කුමන ආකෘතියක් මත පිහිටා නිර්මාණය වී තිබේද? ඒ ඒ තේමාත්මක කොටස් වලදී වාදනය සංගීත භාණ්ඩ මොනවාද? නැතහොත් සෑම තේමාත්මක කොටසකම සංගීත භාණ්ඩය සමානව පවතීද?
- තරුපති මුණසිංහ.
References:
Aronov, D., Nevers, R. & Tank, D. .1972. Mapping of a non-spatial dimension by the hippocampal–entorhinal circuit. Nature 543, 719–722.
Barthes, Roland. 1985. “Listening.” The Responsibility of Forms. Trans. Richard Howard. Los Angeles: U of California P. 245-260
Chion, Michel, Walter Murch, and Claudia Gorbman. 1994. Audio-vision: sound on screen / Michel Chion; edited and translated by Claudia Gorbman; with a foreword by Walter Murch: New York: Columbia University Press, c1994.
Haroutunian-Gordon, Sophie. 2011. "Plato’s Philosophy of Listening." Educational Theory 61 '2):125-139.
Philip Barnard, Peter Redgrave. 2006. Cognitive Systems - Information Processing Meets Brain Science.
Sperling, George. 1963. "A model for visual memory tasks". Human Factors. 5: 19–31.
References:
Aronov, D., Nevers, R. & Tank, D. .1972. Mapping of a non-spatial dimension by the hippocampal–entorhinal circuit. Nature 543, 719–722.
Barthes, Roland. 1985. “Listening.” The Responsibility of Forms. Trans. Richard Howard. Los Angeles: U of California P. 245-260
Chion, Michel, Walter Murch, and Claudia Gorbman. 1994. Audio-vision: sound on screen / Michel Chion; edited and translated by Claudia Gorbman; with a foreword by Walter Murch: New York: Columbia University Press, c1994.
Haroutunian-Gordon, Sophie. 2011. "Plato’s Philosophy of Listening." Educational Theory 61 '2):125-139.
Philip Barnard, Peter Redgrave. 2006. Cognitive Systems - Information Processing Meets Brain Science.
Sperling, George. 1963. "A model for visual memory tasks". Human Factors. 5: 19–31.
Thank you for these valuable readings. keep publishing.
ReplyDeleteThanks Geethmaa.
DeleteGreat one sir...
ReplyDeleteThanks Tharaka!
DeleteThank you sir
ReplyDeleteIt's help us learn our degree
That's a great work
This is great Thrupathi. It is very useful to anyone interested in sound. A great service too in sharing knowledge in Sinhala. All my good wishes in this academic endeavour!
ReplyDelete